හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා හා කංචන විජේසේකර යන මහත්වරුන් අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ, ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහායි.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරණ කාලයේ ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වු බවට වන චෝදනාවට අදාළව නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගියදා නියෝග කළා.