ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔවුන් ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක් කිරීමට බවයි.
මේ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් ලබන 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.