කථානායක ධුරය සඳහා මේ වනවිට නම් තුනක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන අයගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වෙන්නේ.
කථානායක අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පසුගිය දිනවල රටතුළ දැඩි කතාබහක් මතුවූ අතර ඊට නිසි පිළිතුරක් ලබා දීමට අපොහොසත් වීමත් සමඟ ඊයේ (13) පස්වරුවේ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නිවේදනය කළා.
අසෝක රංවල මහතා පසුගිය නොවැම්බර් 21 වැනිදා කථා නායක ධුරයේ දිවුරුම් දුන් අතර ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ඔහු එම ධුරයේ කටයුතු කර තිබුණේ දින 22 ක් පමණයි.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථා නායක ධුරයේ කටයුතු කර ඇත්තේ ඔහුයි.
ලබන සතියේ 17 වන අඟහරුවදා දින නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එදින නව කථානායකවරයෙකු පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.