සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු ෂානක්කියන් රාසමානික්‍යම් ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා.
මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද කෝප් සාමාජිකත්වයෙන් අද (19) ඉල්ලා අස් වුණා.
මීට අමතරව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නද ඊයේ (18) ඉල්ලා අස් වුණා.