හැටන් – මහනුවර ප්රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.
එම බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්රපාතයකට පෙරළී තිබෙනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ සිට ඇති බවයි පැවසෙන්නේ.
අනතුරින් තුවාල ලැබූ 30 දෙනකු පමණ පිරිසක් හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ කිහිපදෙනකු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.