28 C
Colombo
Saturday, October 5, 2024

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

- Advertisement -

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර එම දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු ඇතුළත් වනවා.

අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් කර තිබෙන්නේ මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදල අවස්ථා 2දී ලබාගෙන ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවත් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

පියුමි හංසමාලිගෙන් පැය 9ක් ප්‍රශ්න කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් ඊයේ (04) නැවත වතාවක් ප්‍රශ්න කර තිබෙනවා.  ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර්...

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...