29.1 C
Colombo
Saturday, April 12, 2025

බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

- Advertisement -

ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ගේ වැස තහනම් කර තිබෙනවා.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට භාණ්ඩ තොගයක් පැටවූ බවට එල්ල වී ඇති චෝදනාව මත බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා.

එම අවස්ථාවේදී අදාල ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමේන් පසුව විනය පරීක්ෂනයට යටත්ව වැඩතහනම් කළ බව ඒකනායක මහතා සඳහන් කර තිබෙනවා .

ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම මස 18 වැනිදා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාල දරුවන් ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් වීමේන් පසු නැවත මාකොල ළමා නිවාසය වෙත ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් භාරයේ සිටි බවත් දරුවන් ආරක්ෂණය කළ බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසළ මාර්ගයක නවතා භාණ්ඩ රථයට පටවන ආකාරය සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ මාධ්‍යන්වල ප්‍රචාරය වී තිබූ බවත් ඒකනායක මහතා පවසනවා.

එම සිද්ධියට අදාල විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති බව කී ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් විමර්ෂණක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

අවුරුද්දට තෑගි බැහැ – පොලීසියට තහනමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

POPULAR ARTICLES