පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
ඉකුත් 2 වෙනි දින බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපිටදි සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සංගමයේ සාමාජිකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයේදී වැලිකඩ සහ තලංගම පොලිසි වලට අනුයුක්ත ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කෙරුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මැදමහනුවර , බද්දේගෙම සහ මහනුවරපදිංචි වයස අවුරුදු 32ත් 39ත් අතර පසුවන්නන් බවයි පැවසෙන්නේ.