24 C
Colombo
Thursday, January 2, 2025

ත්‍රී රෝද රථ ගාස්තු නැවතත් ඉහළට

- Advertisement -

ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්.

වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ.

මේ අතර, මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

ඒ, අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින්.

මේ වන විට ඇප් මඟින් රැකියාව සිදුකරන ත්‍රී රෝද රථ රියදුරන් මෙන්ම ඇප් හෝ මීටර ගාස්තු නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද රථ ඔවුන්ට අවශ්‍ය පරිදි ග්ස්තු වැඩි කර තිබෙන බවත් පළමු කිලෝමීටරයට රු. 250ක වැනි මුදලක් අය කරමින් තිබෙන බවත් ඔහු පවසනවා.

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් කුලී ත්‍රීරෝද රථ ගාස්තුවද සංශෝධනය කිරීමට සිදු වූ අතර එහිදී පළමු කිලෝ මීටරයට රු. 100ක් සහ දෙවන කිලෝමීටරයට රු 90 ක මුදලක් අය කිරීමට එකඟතාවක් ඇති කර ගත් නමුත් මීටර ගාස්තු අය කරන ත්‍රී රෝද රථ වලද එය පළමු කිලෝමීටරයට රු. 120ක් සහ දෙවන කිලෝමීටරයට රු 100ක් ලෙස ගාස්තුව වැඩි කරගෙන තිබෙන හෙයින් කුලී ත්‍රී රෝද රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පෙර ගාස්තු විමසන ලෙස ධර්මසේකර මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට කුලී ත්‍රිරෝද රථ සේවය අයාලේ යමින් තිබෙන හෙයින් තවදුරටත් එය පවත්වාගෙන යාම සඳහා විධිමත් නියාමනයක් සිදුවිය යුතු බවයි ඔහු පෙන්වාදුන්නේ.

එළඹෙන 01 වැනිදා සිට බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් ලියාපදිංචි කරමින් එම සේවාව නියාමනය කිරීමට සැලසුම් කර තිබෙන හෙයින් එහිදී මෙම සේවාව වඩා විධිමත් කරගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇතිකරගත යුතු වන බවද ඔහු අවධාරණය කරනවා.

2013 වසරේදී ප්‍රවාහන ඇමතිවරයා ලෙස කුමාර වෙල්ගම මහතා ත්‍රී රෝද රථ සඳහා ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කර අතර එය පසුව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් බරපතල වරදක් සිදු වූ බවයි ලලිත් ධර්මසේකර කියාසිටියේ.

RECENT ARTICLES - SINHALA

අමල් සිල්වාට අයත් බව පැවසෙන මෝටර් රථ 3ක් පොලිස් භාරයට

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ...

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂක තොරතුරු පොලීසියට

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කළ බව ජාතික මැතිවරණ කොමිසමේ...

අදින් ඇරඹි තෙවන පාසල් වාරයේ අවසන් අදියර

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වනවා. ඒ අනුව සියලුම පාසල් අද සිට...

POPULAR ARTICLES

නවසීලන්තයට ලකුණු 219 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන්...

අමල් සිල්වාට අයත් බව පැවසෙන මෝටර් රථ 3ක් පොලිස් භාරයට

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ...

ආදායම් වාර්තා නොදුන් අපේක්ෂක තොරතුරු පොලීසියට

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කළ බව ජාතික මැතිවරණ කොමිසමේ...