25.4 C
Colombo
Sunday, January 12, 2025

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

- Advertisement -

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්ම, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.

සබරගමුව සහ මධ්‍යමපළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී 50-60 දක්වා වැඩිවිය හැකි බවයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් එහි සඳහන්.

මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා. ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා...

ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා අත්අඩංගුවට

මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ,  විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු එම...

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය...

POPULAR ARTICLES