24 C
Colombo
Thursday, January 9, 2025

චීනයට එරෙහිව ජිනීවාහි විරෝධතාවයක්

- Advertisement -

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල කාර්යාලය ඉදිරිපිටදී චීනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, ස්විස්ටර්ලන්තයේ සහ ලීච්ටන්ස්ටයින් රාජ්‍යයේ වෙසෙන ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවය සදහා එක්ව සිටි බවයි.

චීනය විසින් දශක ගණනාවක් තිස්සේ ටිබෙටය තුළ ක්‍රමානුකූලව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වළක්වාලීමට මැදිහත්වන ලෙස විරෝධතාකරුවෝ මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ.

චීනය විසින් ටිබෙට් ජනතාව ‍භේදභින්න කර ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ද විරෝධතාකරැවෝ මෙහිදී චෝදනා නැගූහ.

නවතම අන්තර්ජාතික වාර්තාවලට අනුව ටිබෙටය සැළකෙන්නේ ලොව දැඩි ලෙස නිදහස සීමා කෙරුණු කලාපයක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES