28 C
Colombo
Sunday, September 8, 2024

ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ ටිකට් ගැන දැනුම් දීමක්

- Advertisement -

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර දැන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home යන සබැඳිය ඔස්සේ එම ප්‍රවේශපත්‍ර මිලට ගත හැකියි.

එමෙන්ම, හෙට (24) දිනයේ සිට තරඟාවලියේ ප්‍රවේශපත්‍ර කවුන්ටර හරහා මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (22) දිවයිනට පැමිණියා.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්පසුව කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් සහ ලබා ගත හැකි ස්ථන පහතින්,

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...