27.1 C
Colombo
Wednesday, April 2, 2025

ටිරාන්ව CIDයෙන් කැඳවලා

- Advertisement -

2023  වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු අමාත්‍යවරයා හෙට කැඳවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති බව අදාළ උසස් නිලධාරියා පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයෙ ඇතිවූ වෙඩි තැබිමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

Clean Sri Lanka: සීගිරියට එන සංචාරකයින්ට පොදු වැසිකිලි පද්ධතියක්

සීගිරිය හෝටල් හන්දියේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව පිණිස නවීන පහසුකම් සහිත පොදු වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, Clean Sri Lanka වැඩසටහන යටතේයි. නාගරික...

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ මාර්ගයේ එක් මන්තීරුවක් අවහිර වී තිබෙනවා. ඒ, මාර්ගයට පස් කඳු සහ ගල් පෙරලීම හේතුවෙන්. මේ හේතුවන් එම මාර්ගය භාවිත කරන...

දකුණේ වෙඩිතැබීම් දෙකක සැකකරුවන් අත්අඩංගුවට

අම්බලන්ගොඩ සහ අම්බලන්තොට පොලිස් වසම්වලදී සිදුකළ වෙඩිතැබීමේ සිදුවීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පොලීසිය පවසන්නේ ඊයේ  (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මාර්තු...

POPULAR ARTICLES