මඩකළපුව දන්තාමලෙයි ප්‍රදේශයේ කැලෑ ඉඩම් අක්කර 1500 ක් එලිපෙහෙලි කිරීමට ගෙන ආ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය නිසා අත්හිටුවා ඇත.
මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඊයේ(15) රැස් වූ අවස්ථාවේදී රාසමානික්කම් සානක්‍යන්, කේ.කරුණාහරන් යන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට දැඩි විරෝධය දක්වා ඇත.
හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් යැයි කියමින් මෙම කැලෑ ඉඩම් කැපීම යෝජනා වී ඇති අතර මන්ත්‍රීවරුන්ගේ විරෝධය මඩකලපු සංවර්ධන කමිටුවේ සභාපති රාජ්‍ය ඇමැති එස්.වියාලේන්ද්‍රන් මහතා ද පිළිගෙන තිබේ.
අදාළ යෝජනාව අත්හිටුවීම පළාත් සංවර්ධන කමිටුවට යොමු කිරීමට නියමිතය.