32 C
Colombo
Monday, April 21, 2025

TNA දෙකඩ වෙයි

- Advertisement -

දෙමළ ජාතික සන්ධානය නියෝජන කරන ප්ලොට් සහ ටෙලෝ පක්ෂය මෙන්ම ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය ඇතුළු පක්ෂ 5ක් සන්ධාන ගත වී තිබෙනවා.

ඊයේ (14) දිනයේ යාපනයේ දී මෙම සන්ධාන ගත වී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ යටතේ තරඟ කළ ඊලාම් ජනතා විප්පලවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය නව සන්ධානයේ කොටස්කරුවන් වනවා.

සන්ධානයේ අනෙකුත් පක්ෂ දෙක වන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් විසින් පිහිටුවන ලද ඩිමොක්‍රටික් ක්‍රසේඩර්ස් පක්ෂය (ඩීසීපී) සහ දෙමළ ජාතික පක්ෂය (ටීඑන්පී) ය. සන්ධානය පිහිටුවීමේ ගිවිසුමට ඊයේ යාපනයේ තින්නවේලිහිදී අත්සන් තැබුවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊපීආර්එල්එෆ්), සෙල්වම් අඩෛක්කලනාදන් (ටෙලෝ), ධර්මලිංගම් සිතද්දන් (ප්ලොට්), සිවානන්දන් නවීන්ද්‍ර (ඩීසීපී) සහ එන්.ශ්‍රීකාන්ත (ටීඑන්පී) විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.ගේ නායකත්වයෙන් යුත් දෙමළ මක්කල් තේසිය කුට්ටනි (ටීඑම්ටීකේ) විග්නේෂ්වරන් සහ යාපනය හිටපු නගරාධිපති එම්.මනිවන්නන් යන මහත්වරුන්ද සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, නව සන්ධානයේ ලාංඡනය සහ මහලේකම් තනතුර සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් ඔවුන් සිකුරාදා සාකච්ඡාවලින් ඉවත්ව ගියා.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පළාත් පාලන මැතිවරණයට තම නිවෙස් ලකුණ යටතේ වෙනම තරග කිරීමට තීරණය කර ඇති බැවින් එම පක්ෂය මෙම සාකච්ඡාවට සම්බන්ධ වුයේ නැහැ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නව සන්ධානය සැලසුම් කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුවද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

අලුත් පාප් වහන්සේ තෝරන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට...

අපරාධ වරදක් කියලා පේන්නේ නැත්තම් දළදාවේ පොටෝ එක ගැන විමර්ශන නැහැ – පොලීසිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් සම්බන්ධව මේ වන තෙක් විමර්ශන කටයුතු ආරම්භ නොකළ...