29 C
Colombo
Friday, October 4, 2024

මගේ දුක කියලා තමයි මම V8 එකක් ඉල්ල ගත්තේ – ඩයනා

- Advertisement -

තමා සංචාරක රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළ කාලය තුළ වාහන කිහිපයක් ලබාදුන් බවත්, එහෙත් එම සියලු වාහන අබලන් තත්ත්වයේ පැවති ඒවා බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

V8 වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් බව ඇය සඳහන් කළා.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,

“මට වාහනයක් දුන්නා. මම රාජ්‍ය ඇමති වෙලා හිටියා සංචාරක. එතකොට සංචාරක කියන්නේ රට වටේම මම යන කෙනෙක්. මොකද සංචාරක ප්‍රශ්න විසඳන්න මේ ලංකාව වටේම මම යනවා. එතකොට මට ඔය අමාත්‍යංශයේ මම කියන්න ඕනේ මේක මම අදත් කියනවා, එදත් කිව්වා, ලංකාවේ සංචාරක ඇමතිවරියක් හැටියට ඔය අමාත්‍යංශයේ කිසිම වැඩක් කරගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඒකේ හිටපු නිලධාරීන්, ඒකේ හිටපු අතිරෙක ලේකම්ලා, එකේ හිටපු ලේකම්ලා මේකේ ඉන්නවා හොරු කණ්ඩායමක්. මම රටේ ජනාධිපතිගෙන් ඉල්ලනවා හොරු අල්ලන්න කියලා. මොකද මගේ ළගත් තියෙනවා මේකේ ඇතුළේ වෙච්ච නිලධාරීන්ගෙන් වෙලා තියෙන හොරකම්. මම මේක එක නාලිකාවකත් කිව්වා. මට දීපු හැම වාහනයක්ම හැමදාම කැඩෙනවා. එක සැරයක් මට දීපු ජීප් එකක ABS එක පුපුරලා. කොළොන්නාව පැත්තේ එක දවසක ABS එක පුපුරලා තව පොඩ්ඩෙන් මම හැප්පෙනවා. මුලු ඔයිල් ටිකම එළියට ඇවිල්ලා පාර පුරාම ගියා.

මම ඔෆිස් එකේ ඉදන් වැඩ කරන කෙනෙක් නෙවෙයි, නිලධාරීන්ගෙන් රිපෝට් අරගෙන වැඩකරන කෙනෙකුත් නෙවෙයි. මම ඒ තැනට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳන කෙනෙක්. එතකොට මට යන්න එන්න වාහනයක් තිබුණේ නෑ. මම මේගොල්ලොන්ගෙන් ඉල්ලලා ඉල්ලා තමයි මට ඔය වාහනේ දුන්නේ. මම ජනාධිපති ලේකම්තුමාට ගිහිල්ලා බැරිම තැන මගේ දුක කිව්වා. ඊට පස්සේ තමයි මට මේ වාහනේ දුන්නේ.”

RECENT ARTICLES - SINHALA

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. IMFහි ආසියා - පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...