24 C
Colombo
Friday, November 15, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 5යි  

- Advertisement -

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර පහක් ගත වී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් මෙන්ම කොළඹ අධි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර, එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබුවා.

ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

තවද අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙන
අතර, ඒ මොහොතේ දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

POPULAR ARTICLES