24 C
Colombo
Sunday, November 17, 2024

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

- Advertisement -

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන් මෙවැනි ආහාර කා පාර්ලිමේන්තුවට සහභාගීවද්දී රටේ මහජනතාව සිතා සිටින්නේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද භුක්ති විදින බවයි.

තමන්ට වාහනයක් හෝ නොමැති බවත් පාර්ලිමේන්තු පැමිණෙන්නේද අනුන්ගේ වාහනවලට ගොඩවී බවත් ඒ මහතා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

මේ වන තෙක් වාහන ආනයන බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් මන්ත්‍රීවරයෙකු වීම නිසාවෙන් භුක්ති විද නොමැති බවද මායාදුන්න මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES