ශ්‍රී ලංකාව විසින් විදේස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද (03) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
රජයේ නිලධාරීන් සහ අදාළ ණය හිමියන් අතර සූම් තාක්ෂනය ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි.
මේ අනුව ණය හිමියන්ගේ සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවන අතර ඒ සම්බන්ධව මීට පෙරද සාකච්ඡාවක් පැවැත්වුණා.
එම සාකච්ඡාවට සමගාමීව මෙම සාකච්ඡාව අද දිනයේ පැවැත්වෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.