24.1 C
Colombo
Friday, November 29, 2024

අද කාලගුණ අනාවැකිය

- Advertisement -

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවට අනුමාන කෙරෙනවා.

ඒ අනුව අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන...

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

POPULAR ARTICLES

මධ්‍යම කඳුකරයට තද වැසි, විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි...

ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද (29) පස්වරු 1ට මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී ආරම්භ...

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන්. හතරවන දිනටත් උඩරට මාර්ගයේ...