මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට(03) නම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කිරීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි.
ලිපි බෙදීම සඳහා අනියුක්ත කර ඇති කාර්ය මණ්ඩලය 8000ක්.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙනවා.
2023 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා.