පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපතට නුදුරින් මුහුදු පතුළේ යමහලක් (ගිනිකන්දක්) පුපුරා ගොස් ඇති බවත් මෙම ඉතා ප්‍රබල පිපිරීමක් පිපිරීම හේතුවෙන් සමඟ සුනාමි රළ හටගත් බවත් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
ටොංගා දූපතේ අගනුවර ලෙස සැලකෙන නුකුවලෝෆා නගරයේ පල්ලියක් නිවාස රැසක් සහ තවත් ගොඩනැගිලි බොහොමයක් සුනාමි රළ පහරට හසුවී විනාශ වී ඇති බවත් සුනාමි රළ ටොංගා දූපතට කඩා වදින විට, එයින් බේරීමට ටොංගා දූපත් වැසියන් උස් ස්ථාන බලා පලා ගොස් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
අඩි 4 ක් පමණ උස වූ රළ හේතුවෙන් ජීවිතා හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වන්නේ නෑ.