25 C
Colombo
Friday, November 15, 2024

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

- Advertisement -

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා.

ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර 64%යි, පුත්තලම 56%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය 65ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර බදුල්ල 66%යි, මන්නාරම 70%යි, ත්‍රිකුණාමලය 67%යි සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ වූ අතර එම කටයුතු පස්වරු 4ට අවසන් කෙරුණා.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක්.

ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බවයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වනවා.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය – නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 13,937සමගි ජන බලවේගය - 2,477එක්සත් ජාතික පක්ෂය...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

POPULAR ARTICLES