ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම මාර්තු මාසයේදී මිලියන 354 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ, එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 4.6% ක වර්ධනයක් බවයි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ලැබූ ආදායම මිලියන 338.4 ක්.
ඒ අනුව ජනවාරි- මාර්තු කාලසීමාව තුළ ඇමෙරිකන් ඩොලර් බිලියන 1.12ක ආදායමක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව 2025 වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 5ක ආදායමක් බලාපොරොත්තු වී ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි- මාර්තු කාල සීමාවේදී ලැබූ බිලියන 1.03 ට සාපේක්ෂව 9.4% ක වර්ධනයක්.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී ඉපයූ සංචාරක ආදායම ඩොලර් බිලියන 3.17ක් වන අතර එම ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නංවාගැනීම මෙරට බලාපොරොත්තුව වී තිබුණා.
මේ අතර 2025 ජනවාරි සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව 13.5% කින් ඉහළ ගොස් ඇති බවත්, එම කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 778,843ක් ලෙසත් හඳුනාගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගතයෙන් 2019 වර්ෂයේ සිට කඩාවැටුණු සංචාරක කර්මාන්තය 2025 වසරේදී යළි උපරිම ඉලක්ක කරා ළඟා වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.