අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය විසින් තීරණය කර තිබෙනවා.
මෙම තීරණයට හේතුවී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ අම්බලන්තොට අවට ප්‍රදේශ රැසක කොවිඩ් 19 වෛරසය පැතිරී ගොස් තිබීමයි.
එම ප්‍රදේශවල ජනතාව අම්බලන්තොට නගරයට නිරන්තරයෙන් පැමිණීම හේතුවෙන් නගරය වසාදැමීමට තීරණය කළ බව වෙළෙඳ සංගමය පවසනවා.
අම්බලන්තොට වෙළෙඳ සංගමයේ ලේකම් ඒ. එච්. ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ මෙම තීරණය සතියක කාලයකට ක්‍රියාත්මක කරන බවයි.
ඉන් අනතුරුවද රටේ තත්ත්වය සලකා වෙළෙඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට තීරණය කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.