බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූණු සංචරණ සීමාවන් නොවැම්බර් 15 වන දින සිට ඉවත් කරන බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ හුදෙකලා කර ඇත. හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කිරීමට නියමිතය. ඒ අනුව කොළඔ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය නොවැම්බර් 16 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ වේ.
මෙම ප්‍රදේශ හැර දැනට හුදකලා කර ඇති සියළුම ප්‍රදේශ එම තත්වයෙන් මුදාහරින බව යුද හමුදාපතිවරයා පවසයි.