හෙට (11) දිනයේ යුක්‍රේන සංචාරකයින් 209 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා යාමන නියමිතව තිබුණද එම සංචාරය අවලංගු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදයංග වීරතුංග මහතා පවසන්නේ අදාල සංචාරය සදහා යුක්‍රේන සංචාරකයන් විසින් රුපියල් හයලක්ෂ විසි හත්දහසක මුදලක් ප්‍රවේශපත්‍ර සදහා ගෙවීමට නියමිත නමුත් ඒ සදහා ලැබිය යුතු සේවාවන් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇති බවයි.
මේ හේතුවෙන් මෙම සංචාරය අවලංගු කිරීමට තීරණය කල බවද යුක්‍රේන සංචාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක උදයංග වීරතුංග මහතා පවසනවා.
යුක්‍රේන ජාතිකයන් මීට පෙර සංචාරයේ නිරතවීමට නියමිතව තිබූ දඹුල්ල හා මහනුවර සංචාරයන්ද අවලංගු කෙරුණා.
