ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අද (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ ආදිවාසී සංස්කෘතියට නිඟාවන පරිදි නිර්මාණය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අදාළ වීඩියෝව මඟින් දීර්ඝ ඉතිහාසයක් ඇති ආදිවාසී සංස්කෘතිය දැඩි හානියක් සිදුව ඇති බවයි.
මෙම වීඩියෝව නිර්මාණය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනාට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පසුගිය 18 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියා.