ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල් උත්සවයේදි කොමාතා විශේෂ උත්සව අවස්ථාවේදීයි. එහිදී උපහාර තිළිණය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබා දීම සිදුවු අතර එම තිළිණය ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේදි ලබා දිම සිදු විය.