30 C
Colombo
Sunday, April 27, 2025

ට්‍රම්ප්ට ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් නායකයන් ඕනේ – කිරිඇල්ල

- Advertisement -

ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද  හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව  ඇමතිය හැකි නායකයන් බව සමගි  ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා පවසනවා.

අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ බවයි.

විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට එවැනි පරණ මිත්‍රකම් යාළුකම් තිබෙන බවත් එවැනි මිත්‍රකම් යාළුකම් පාවිච්චි කර පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී කියා සිටියා.

ඇමරිකාවේ  ප්‍රතිචාරක බද්ධ පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණතභාවය ඇති කණ්ඩායමක් පත් කරන්නැයි  තමා රජයට යෝජනා කරන බවයි ඔහු පවසන්නේ.

මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ සමහර නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවද  ඔහු වැඩිදුරටත් පෙන්වාදෙනවා.

RECENT ARTICLES - SINHALA

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට...

POPULAR ARTICLES

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

ඉරාන වරායේ පිපිරීමෙන් මියගිය පිරිස ඉහළට 

ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම...