24 C
Colombo
Tuesday, March 18, 2025

Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා

- Advertisement -

අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ, ට්‍රම්ප් විරෝධී හා රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්.

දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේදී වොයිස් ඔෆ් අමෙරිකා මාධ්‍ය ජාලය ආරම්භ වන්නේ, නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙසයි.

BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ එහි විකාශය කටයුතු ආරම්භ වුණා.

මේ වනවිට ලොව පුරා භාෂා 48 කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව ඇත්තේ, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාලා ඔස්සේයී.

ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව, මිලියන 361 ඉක්මවනවා.

Voice of America මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී අත්සන් තැබුවේ, එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින්.

එතැන් සිට එය අමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් වලින් පාලනය වනවා.

වාර්ෂික අය වැයෙන් ඒ සඳහා වෙන් කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධිකයි.

ජනාධිපතිවරයා උපදේශකයෙකු වන එලෝන් මස්ක් Voice of America වසා දමන්නැයි සිය x ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක් ද කර තිබුණා.

ජනාධිපතිවරයා එය වසා දැමීමට තීරණය කිරීමත් සමග එහි සේවය කළ 1300 ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබෙන බව විදසේ මාධ්‍ය පවසනවා.

අමෙරිකාවේ පැරණිතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් එලෙස වසා දැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනකාරී වැඩපිළිවෙළ මනාව පිළිබිඹු වන බව, විචාරකයින් පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ, එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ පහරක් බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

බටලන්ද වාර්තාව පුස්සක් – ගම්මන්පිල

ආණ්ඩුව විසින් බටලන්ද වාර්තාව පිළිගැනීම යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් කළ අපරාධ පිළිගැනීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (17)...

POPULAR ARTICLES

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14 කින් පහළ වැටී තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී ඒකක 15,649.30 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව...