24 C
Colombo
Thursday, November 7, 2024

අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප්ට

- Advertisement -

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබෙනවා.

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 266ක් දිනා ඇති අතර, උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 195ක් පමණයි.

2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමින්.

හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය හිටපු ජනාධිපති ට්‍රම්ප් සතුව ඇතැයි පුරෝකථන පෙන්වා දෙනවා.

එමෙන්ම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ, සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය...

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදීම ගැන පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ...

අනුර පොඩි රනිල්ගේ චරිතෙ ලස්සනට රඟපානවා

නව රජය විසින් ගෙන යමින් සිටින්නේද රනිල් වික්‍රමසිංහ පාලනයේම දිගුවක් බව පැහැදිලිව ඇති බව සමඟි ජන සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාරිමේන්තු මන්ත්‍රී නීතිඥ...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...