30 C
Colombo
Thursday, September 19, 2024

මාව විශ්වාස කරන්න.මම ප්‍රේමදාසගෙ පුතා – සජිත් ප්‍රේමදාස

- Advertisement -

තමා ජනපති වූ පසු සියලු ශ්‍රී ලාංකික ජනතාව රැකබලාගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ (16) අනුරාධපුරයේ පැවති ජන රැළියක් අමතමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.

මේ අතර අනුරාධපුර ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ

“මම ඔබට පොරොන්දු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගකීම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස භාරගන්නවා. මාව විශ්වාස කරන්න, මට ඒ හයිය දෙන්න. ජාති ආගම් භේදයකින් තොරව මම ඔබ සියලුදෙනාවම රකිනවා, රකිනවාමයි. හැබැයි එකක් මම කියන්නම් මේ රටේ ජනතාව තීන්දුකරලා ඉවරයි පොදුජන යුගයකට හයිය ලබාදෙන්න. අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබාදීමට ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. විදුලි වැට සාර්ථක කරන්න පරිසරවේදියෙක් ලෙස මට පුළුවන්. ප්‍රජා කේන්ද්‍රීය වනජීවි සංරක්ෂණයට යොමුවෙලා සංචාරක ක්ෂේත්‍රයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ක් තියෙනවා. දැන් ගමෙන් ඉල්ලන කෙනාවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 දන්නේ නැහැ. පිළිගන්න ප්‍රේමදාසගේ පුතා ඔබ සියලුදෙනා රැකගන්නවා, ආරක්ෂා කර ගන්නවා. ජන ජීවිතය සුඛිත මුදිත කරනවා.”

RECENT ARTICLES - SINHALA

Breaking: කුරුණෑගලත් වෙඩි තැබීමක්

කුරුණෑගල - රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. මෙය පසුගිය පැය...

තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මීට ටික වේලාවකට (19) පෙර ගාල්ලේ දී ආරම්භ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී...

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...