රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙරට ජනතාව විසින් අදූරදර්ශී දේශපාලනය ඉවත් කරලීමට අවශ්‍ය කරන දේශපාලනික සුනාමි මැතිවරණය මගින් ලබා දුන් බවත්; රාජ්‍ය සේවයේ පවතින දෝෂ හේතුවෙන් ඉදිරියේ දී රාජ්‍යය සේවයට එරෙහිව සුනාමියක් ඒමේ ප්‍රවණතාව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
එබැවින් ජනතා අපේක්ෂාවන් සාර්ථකව කඩිනමින් අවසන් කළ හැකි රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවින් එය ඉටු කිරීමට කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින්ට රජයේ ගෞරවය සහ සහාය හිමිවන බව ලාල්කාන්ත මහතා පවසා සිටියා.
එසේ නොමැති වුවහොත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඡන්දය දුන් බව නොසලකා ම රාජ්‍ය සේවය අවශ්‍ය පරිදි සේවා සැපයිය හැකි ස්ථානයක් කරලීමට අවශ්‍ය ඕනෑම උත්සාහයක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා.