අධික වැසි හේතුවෙන් මහියංගන මාර්ගයේ දෙවැනි වංගුව අසළට ඊයේ (19) සවස පස් කදු කඩා වැටීමක් සිදුවුණා.
ඒ හේතුවෙන් මහනුවර – මහියංගන මාර්ගයේ අවහිර වී ඇති කොටසේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසා දැමුවා.
නායයාමට ලක්වූ මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් යළිත් අද (20) පෙරවරුවේ යළි විවෘත කළද එම කොටස යළිත් වරක් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස වසා තැබෙනු ඇති.