ට්විටර් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනස් කිරීමට එහි හිමිකරු ඉලෝන් මස්ක් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නිල් පැහැති කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට ජනප්‍රිය හාස්‍යජනක ලාංඡනයක් වන සුනඛයෙකුගේ මුහුණක් ඊට ආදේශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව මෙම සුනඛ ලාංඡනය භාවිතා කර ඇති බවයි.
ට්විටර් සමාජ මාධ්‍යෙය් මෙම නව පියවරත් සමඟ වෙළෙඳපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකම ද ඉහළගොස් ඇති බවට ද වාර්තා වෙනවා.