මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධ බවට පැවසෙන ප්‍රවීණ චිත්‍රපට නිලියක් සහ රංගන ශිල්පිණියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටින බවට වාර්තා වනවා.
එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවල සඳහන් වන්නේ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටින මෙම නිලියන් දෙදෙනා සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමට සුදානම් බවයි.
අදාළ නිලියන් දෙදෙනා තිලිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර තොරතුරුවල වාර්තා වන්නේ.