24 C
Colombo
Sunday, November 17, 2024

දේශබන්දුට ගැහුවා යැයි දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයින් දෙදෙනාව කොලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (10) පසුවරුවේ බේරේවැව අසළදී පිරිසක් විසින් පහරදී තිබුණා.

ඒ ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් හට ගෝඨාගෝගමට හා මයිනාගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමට කිසිදු බාධාවකින් තොරව අවස්ථාව ලබාදීම හේතුවෙන්.

ගාලුමුවදොර රැදී සිටි දේශබන්දු තෙන්නකොන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාලුමෝදර විරෝධතාකරුවන්ට පවසා සිටියේ පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් හට ගාලු මුවදොරට පැමිණීමට තමන් කිසිදු ආකාරයකින් අවස්ථාව නොදෙන බවයි.

ඒ සඳහා පොලිස් බාධක යොදවා ඔවුන් නවත්වා තබාගන්නා බවත් බිය නොවී ගෝඨාගෝගමේ සිටින ලෙසත්ය.

කෙසේවෙතත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොහොට්ටුවේ මැරයන් හට කිසිදු බාධාවකින් තොරව අරගල භූමියට පැමිණීමට ඉඩලබාදී එය මෙහෙයවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තද සමග සතුටු සාමීචියේ යෙදෙමින් ඔවුන් සමගම ගාලු මුවදොරට පැමිණියා.

අනතුරුව පොහොට්ටුවේ මැර පිරිස ගාලුමුවදොර සියලු කූඩාරම් කඩා ගිනිබත් කර අරගලකරුවන්ටද පහරදීමට කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරුන් 18ක් මෙවර පාර්ලිමේන්තුවේ

මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා. මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා. ඒ...

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

POPULAR ARTICLES