25 C
Colombo
Friday, October 25, 2024

ආරුගම්බේ ප්‍රහාර සූදානමක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයන් හට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කරුණ සම්බන්ධයෙන් News19 වෙත ඊයේ (23) පස්වරු 5.40 ට පමණ තොරතුරු වාර්තා වූ නිසා ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට තමන් නොදන්නා බවයි.

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ඊයේ (23) ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළා.

එමෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර තිබෙනවා.

මේ අතර පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස‍යි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය දන්වා ඇත්තේ.


RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...