අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසනවා.
දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි මෙම කාන්තාව සහ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ.
. කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන් වන මෙම සැකකාර යුවළ, දැරියගේ මුහුණට පහර දීමෙන් , කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති අතර පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසටද හානි සිදු වී ඇති බවත් පොලීසිය සඳහන් කළා.