24 C
Colombo
Sunday, November 17, 2024

විදෙස් ගමන් බලපත්‍ර 66ක් සමඟ දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ නිවසේ ඊයේ (16) සවස සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන අතර, සැකකරු වයස අවුරුදු 38 වන සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සැකකාරිය සිංගප්පූරුව, හොංකොං, ඩුබායි සහ රුමේනියා යන රටවල සේවය කර 2022 වර්ෂයේ මෙරටට පැමිණ මෙම ප්‍රදේශයේ සැකකරු සමග පදිංචිව සිට ඇති බව සදහන් වනවා.

මොවුන් විසින් වසර දෙකහමාරක පමණ කාලයක සිට විවිධ පුද්ගලයින්ට විදේශ රැකියා ලබා දෙන බවට පවසා එම පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර රාජගිරිය ප්‍රදේශයේදී මාර්ගයන් වල රැඳී සිටිමින් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ඒජන්සි හරහා වීසා අයදුම් කර රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන බව පවසා එම පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 02 -03 අතර මුදලක්ද ලබා ගෙන එම විදේශ ගමන් බලපත්‍ර ද මොවුන් සන්තකයේ තබා ගෙන තිබෙනවා.

සැකකරුවන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20 ක් ද තිබී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව...

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

POPULAR ARTICLES