27.6 C
Colombo
Monday, March 31, 2025

ළමා නිවාසයේ මුරකරු ඝාතනයකට ළමුන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

- Advertisement -

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙක්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 80ක් වූ සික්කු හේවගේ පියදාස ඩයස් දෙදරු පියෙක්.

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයක, අධිකරණ මගින් යොමුකරන ලද ළමුන් 12 දෙනෙකු නේවාසිකව රඳවා සිටින අතර එහි පරිපාලන කටයුතු සඳහා කළමනාකාරවරියක් හා ප්‍රධාන පාලිකාවක් සිටින අතර, මුරකරු ලෙස කටයුතු කර තිබුණේ, සික්කු හේවගේ පියදාස ඩයස් නමැති අයෙක්.

අද (15) අලුයම මුරකරු ළමා නිවාසයේ නොසිටීම හේතුවෙන් එහි භාරකරුවන් සහ ළමුන් එක්වී එම පරිශ්‍රය පරීක්ෂා කර තිබුණා.

එහිදී නේවාසිකව සිටින දරුවෙක් විසින් ඝාතනයට ලක්වූ මුරකරු පළමුවෙන් දැක තිබෙනවා .

මෙම සිද්ධිය සිදුවීමට පෙර, අද දින අලුයම ළමා නිවස ආසන්නයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කිරිමට උත්සහ කළ බවට ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් අලුයම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට පැමිණිලි කර තිබුණා.

එහිදී එය සොරාගැනිමට තැත්කළ පුද්ගලයා අදාළ ළමා නිවාසය තුළට දිවයන ආකාරය දුටු බවට ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් පොලිස් නිලධාරීන් පිරිසට පවසා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් ළමා නිවාසයේ පාලිකාවගෙන් මේ පිළිබඳව අද අලුයම 4.30ට පමණ ප්‍රශ්න කර තිබුණා.

මුරකරුගේ මළ සිරුර අද පෙරවරුවේ ළමා නිවාසයේ ළිඳ ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේද එවැනි පසුබිමක් තුළදී.

ඝාතනය සම්බන්ධයෙන් ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 17ක ප්‍රධාන සැකකරු සහ අවුරුදු 16ක පිරිමි ළමයෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සෙසු ළමුන්ගෙන් වෙන් කර වෙනත් කාමරයක රඳවා සිටි ප්‍රධාන සැකකරු සිය කාමරයේ ජනේලයේ රාමුව ගලවා පිටතට පැමිණ මුරකරු ඝාතනය කර ඇති බවයි.

ඒ බාහිරින් පැමිණි අයෙකු විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලීසියට ඒත්තු ගැන්වීමේ අරමුණෙන් බවයි පැවසෙන්නේ.

ත්‍රිරෝද රථයේ හිමිකරු පැමිණීම හේතුවෙන් එය සොරකම් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් සැකකරුවන් මළසිරුර ළමා නිවාසයේ ළිඳ අසල දමා නැවතත් සිය කාමරවලට පැමිණ නිදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ, අදාළ ඝාතනයට ළමා නිවාසයේ සිටින තවත් ළමයෙකු සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පවත්වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...