28 C
Colombo
Sunday, September 15, 2024

කාමරයක් ඉල්ලා රියදුරන් දෙදෙනෙක් දුම්රිය ධාවනයෙන් ඉවත් වෙලා

- Advertisement -

කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා සවස් කාලයේ ධාවනය වන කාර්යාල දුම්රියන් ඊයේ (02) ධාවනය නොවීම සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

දුම්රිය අංක 9262 සහ 9264 දුම්රියන් දෙකෙහි දුම්රිය රියදුරන්ට රාත්‍රියේ එකම කාමරයක විවේක ගැනීමට සිදු වීම හේතුවෙන් එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධාවක් වන බැවින් ඒ සඳහා වෙන වෙනම කාමර පසුකම් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම විවේක කාමරයට මාස 6ක සිට මකුණන් බෝ වී ඇති නිසාවෙන් රියදුරන්ට රාත්‍රි කාලයේ හරිහැටි විවේකයක් ගැනීමට නොහැකි වී තිබූ බව ඔවුන් පවසනවා.

රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නින්දක් නොමැතිව දුම්රිය ධාවනය කිරීම අනතුරුදායක නිසාවෙන් ඊයේ දින සිට ඉහත සඳහන් කළ දුම්රියන් ධාවනයෙන් කොළඹ විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරන් ඉවත්වූ බව එම ලිපියේ සඳහන් වනවා.

මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙන මොහොතක අනීතික අන්දමින් කොළඹ විදුලි බලවේග ධාවනාගාරයේ සිට කොළඹ ජලශක්ති ධාවනාගාරය දක්වා දුම්රිය එන්ජින් රියදුරන් මාරු කර යවා ඇති බැවින් ඒ නිසාවෙන් දුම්රිය එන්ජින් රියදුරන් අතර නොසන්සුන්තාවක් ඇති කොට වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට පාලනාධිකාරිය උත්සහ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය සිය ලිපියෙන් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ...

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...