26 C
Colombo
Sunday, October 6, 2024

මත්පැන් යැයි සිතා මුහුදේ පාවී ආ බෝතල් පානය කළ ධීවරයින් දෙදෙනෙක් මරුට

- Advertisement -

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියා.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.

ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබෙනවා.

එහිදී ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් දැනුම්දීමක් සිදුකර තිබු බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා,

“තංගල්ල ධීවර වරායෙන් රැකියාව සඳහා ගිය මෙම යාත්‍රාවට ඊයේ රාත්‍රියේ මුහුදේ පාවෙමින් තිබුණු යම්කිසි බෝතල් වගයක් හමුවෙලා. මේ බෝතල්වල මත්පැන් කියලා විශ්වාස කරලා… ඔවුන් අද උදේ ඒ බෝතල්වල තිබුණු දේ පානය කරලා තියෙනවා. අනතුරව කාර්යමණ්ඩලයේ 06 දෙනාම රෝගී තත්ත්වයකට පත්වෙලා. මොවුන් දැඩි රෝගාතුරවීමට පෙර ඔවුන්ට යම් ශරීරික අපහසුතාවක් ඇති වෙලා.පසුව ඔවුන් වහාම ගුවන් විදුලි යන්ත්‍ර ඔස්සේ ගොඩබීමේ ඇති පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයට අමතලා තියෙනවා. එහිදී සිද්ධිය දැනුම්දීලා. ඒ අනුව ඒ යාත්‍රාවට ඇමතීමට උත්සාහ කළත් ඔවුන් නැවත ඇමතුම් ලබාගත්තේ නැහැ. ඉන් අනතුරුව යත්‍රා නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ ඒ යාත්‍රව තියෙන තැන නිරීක්ෂණය කළා. ඒ යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 400කටත් වඩා ගැඹුරු දකුණු මුහුදේ. අසාන්නයේ වෙනත් ය්‍රාතාවක් යොමු කළා. යොමුකළ යාත්‍රාවේ කාර්යමණ්ඩලය අපිට ඒ යාත්‍රාවේ එක් පුද්ගලයෙක් මියගොස් සිටිනවා ඔහු ධීවර කාර්මිකයෙක් කියලා දැන්වුවා.”ඉතුරු පස්දෙනා දැඩි රෝගාතුරුව ඉන්නවා කිව්වා. ඒ අනුව අපි ඔවුන්ට උපදෙස් ලබාදුන්නා… ඒ යාත්‍රාව ගොඩබිමට රැගෙන එන්න කියලා. නමුත් මේ වෙනකොට අපිට ලැබුණු අලුත්ම තොරතුර අනුව තවත් කාර්මිකයෙක් මියගිහින්.මේ වෙනකොට ධීවර කාර්මිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මේවා දියඹේ සිට ලැබෙන තොරතුරු. මේ පිළිබඳ නාවික හමුදාව දැනුවත් කරලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ...

මාලිමාවේ මහමැතිවරණ අපේක්ෂකයන් ගැන තීරණයක්

මේ වන විට ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා. ඔහු පවසා ඇත්තේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...