මේ වනවිට මෙරට දී පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024′ තරගාවලියේ දී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළ සිද්ධියක් වාර්තා වනවා.
ඒ, අනුව එලෙස බලපෑම් එල්ල කළ ඉන්දීය ජාතික ක්‍රිකට් කළමණාකරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙජන්ට් තරග ක්‍රිඩක උපුල් තරංග සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් කරන ලද පැමිණිලි අනුව විමර්ශනය ඒකකය ගොනු කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව මෙන්ම තහනම නිකුත් කරනු ලැබුවා.
ඉන්දියානු කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායෙකු යැයි කියන පැචලෝඩියා ආකාශ් සැකකරුවන්ට පැනවූ මෙම තහනම මාසයක් බල පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම 7ක් තරග වදින අතර, ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.
ලීග් කණ්ඩායම් වන රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් සහ ඩුබායි ජයන්ට්ස් යන කණ්ඩායම් තරඟ වදින අතර, පංජාබ් රෝයල් සහ කෑන්ඩි වොරියර්ස් කණ්ඩායම් සඳහා මෙම බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර, මෙම තරඟ පාවා දීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය කරුණු වාර්තා කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලි ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බව සඳහන් වනවා.