ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් අලි රසිනි සහ මොහොමඩ් මොගිසේ නමැති එම විනිසුරුවරුන් ඝාතනයට ලක්ව ඇති බවයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් අධිකරණයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරකයාද එම ස්ථානයෙන් ඉවත්ව ගොස් වෙඩි තබා සියදිවි නසා ගෙන ඇති බවද එම වාර්තාවල සඳහන්.
වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති නමුත්, 1980 සහ 1990 දශකය පුරාවට පැවති ඉස්ලාමීය පාලනය තුළදී විරුද්ධවාදීන්ට හිංසා පීඩා කිරීම සහ ඝාතනය කිරීම සඳහා මෙම විනිසුරුවරුන් දෙදෙනාම මැදිහත්වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරනවා.
ඉරානයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුවරයෙකු වූ මෙම දෙදෙනාගෙන් එක් අයෙකු වන රසිනි 1998 වසරේදීද ඝාතන තැතකින් දිවි ගලවා ගෙන තිබුණා.
අනෙක් විනිසිරු වන මොගිසේට 2019 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇත්තේ ඔහු නඩු විභාග විශාල ප්‍රමාණයක් අසාධාරණ ලෙස මෙහෙයවූ බවට චෝදනා කරමින්.