28 C
Colombo
Sunday, March 23, 2025

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙක්.

පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබෙනවා.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් පසුව් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී හමුවී ඇති අතර එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබෙනවා.

මාතර අතිරේක මහෙස්ත්‍රාත්  මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (22) අළුයම් කාලයේදිම සිදු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

යහපාලනේ ආර්ථික මොඩලයම NPP ආණ්ඩුව අරන් යනවා -රවී

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක්...

කඩවුණු පොරොන්දු

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්...

සා.පෙළ විද්‍යාව පේපරේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම ව්‍යාජ...

POPULAR ARTICLES

යහපාලනේ ආර්ථික මොඩලයම NPP ආණ්ඩුව අරන් යනවා -රවී

යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ ආර්ථික මොඩලය වත්මන් රජය ඉදිරියට ගෙන යමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. ඒ අනුව එම වැඩපිළිවෙළ සඳහා නිවැරදි දැක්මක්...

කඩවුණු පොරොන්දු

වත්මන් රජය අධ්‍යපනය සහ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු කඩවූ පොරොන්දු බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්...

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීමක්

පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක්...