මීගමුව මුන්නක්කරෙයි කළපු ප්රදේශයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (24) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
පුද්ගලයින් 7 දෙනෙනෙකු දියේ ගිලී ඇති අතර එයින් 5 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.
මෙලෙස දියේ ගිලී අතුරුදන් ව ඇත්තේ 50 හැවිරිදි පියා සහ 20 හැවිරිදි දියණිය බව පොලීසිය පවසනවා.
දිවි බේරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබා ගන්නා අතර අනෙක් තිදෙනා ප්රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් තිබෙනවා.
අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ක්රියාත්මක බව පොලීසිය පවසනවා.