පුලිපංචිකල් ඔයේ ගංවතුරෙහි සැඩ පහරකට හසුවී අතුරුදහන් ව සිටි පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, පසුගිය 25 වනදා වාලච්චේන, පුලිපංචිකල් ප්රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය පැවති අවස්ථාවේ දී මෙම අතුරුදහන් වීම වාර්තා වූ බවයි.
ප්රදේශවාසීන්ගේ සහය ඇතිව වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම දියේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනාගේ මෘත ශරීර ඊයේ (26) දින උදෑසන සොයාගෙන තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වූ කිරාන් හා සංදිවේලි ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.