27.7 C
Colombo
Tuesday, April 8, 2025

සංජීව ඝාතනයට තවත් දෙන්නෙක් අත්අඩංගුවට

- Advertisement -

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නමැති අයෙක්.

අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත්කළ අතර, එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.

මෙම ඝාතන සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


news19.lk/secrets-revealed-on-the-phone-of-the-constable-arrested-for-sanjeevas-murder/

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

නීතිවිරෝධීව දේපල උපයාගත් අයට වැඩ වරදියි

අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව, අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත...

POPULAR ARTICLES

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

දෙවුන්දර වෙඩිතැබීමට අදාළ වෙඩික්කරු මාට්ටු

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) එම...

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය හට ගෙන තිබෙනවා. භූ...